Sinhala
සියලු අටුවාවන් PDF ක්‍රමයට ඇත. නොමිලේ සපයන Adobe© Reader© බලන්න. Adobe Reader ©.
Sinhala Flag
පරණ ගිවිසුම
(Old Testament)



අලුත් ගිවිසුම
(New Testament)
ගලාති, 1 සහ 2 වන තෙසලෝනික
(Galatians & 1,2 Thessalonians)


මෙම නොමිලේ බයිබල් අධ්‍යයන වෙබ් අඩවිය බයිබලයෙහි අසමසම දේවානුභාවයට කැපකර ඇත. ඇදහිල්ලට (ගැළවීම) සහ ප්‍රායෝගිකත්වයට (කිතුනු ජීවිතය) ඇති එකම මූලාශ්‍රය එයයි. බයිබල් අර්ථකථනයට ඇති යතුර නම් පහත සඳහන් ක්‍රම වලින් මුල් කර්තෘගේ අදහස සොයා ගැනීම වේ: (1) සාහිත්‍ය විභේදය තුළින්, (2) සාහිත්‍යමය සංදර්භය, (3) ව්‍යාකරණ තෝරාගැනීම් (4) වචන තෝරාගැනීම (5) කර්තෘගේ සහ ලියවිලිවල ඓතිහාසික පසුබිම සහ (6) සමාන්තර ඡේද (දේවානුභාවය ඇති පොතක හොඳම අර්ථකථන දේවානුභාවය සහිත පොතටය. බයිබලය සත්‍යයෙන් පිරි පුස්තකාලයකි)
 
කර්තෘ ශාස්ත්‍රීය පුහුණුව ලබා ඇත (ඔහුගේ ජීව විස්තර සහ ඇදහිල්ලේ ප්‍රකාශය www.freebiblecommentary.org ) බයිබල් අර්ථකථනය (බයිබල් අර්ථ විග්‍රහය) උත්සාහ දරන්නේ:
  1. බයිබලය කියවීමට ඔබව දිරිමත් කිරීම (ඔබ, බයිබලය සහ ශුද්ධාත්මයාණන්ට ප්‍රමුඛතාවය ඇත)
  2. ඔබගේ අවබෝධය ඇගයීමට උපකාර කර වෙනත් බයිබල් අර්ථකථන විකල්ප ඉදිරිපත් කිරීම.
  3. වරක් මුල් අදහස (එනම්; එක් අර්ථයක්) සොයා ගත් පසු එය ඔබගේ සංස්කෘතික පසුබිමට සහ ජීවිතයට අදාළ කර ගත යුතුවේ. බොහෝ අදාළ කිරීම් වලට හැකියාව ඇත. නමුත් කර්තෘගේ අදහස් එකකි.
  4. අර්ථකථන ප්‍රතිපත්ති වලට ඡේදයක නිශ්චිත අර්ථය කිව නොහැකිය. නමුත් ඉන් අර්ථවත් නොවන්නේ කුමක්දැයි කිවහැකිය!
  5. යමෙකු දේව ලියවිල්ල අධ්‍යයනය කරන විට අර්ථකථනය ආවේක්ෂණ ලැයිස්තුවක් වෙයි. අර්ථකථනයේ සෑම කොටසක්ම වැදගත්ය. නමුත් නූතන බයිබල් අර්ථකථනය කරන්නන් අසන එකම ප්‍රශ්නය “මේ ඡේදයෙන් මට අර්ථවත් වන්නේ කුමක්ද”? යන්නය. නමුත් ඊට වඩා හොඳ ප්‍රශ්නය නම් “මුල් කර්තෘ ඔහුගේ/ ඇයගේ යුගයට කීවේ කුමක්ද”? යන්නයි. එසේම එම සත්‍යය මාගේ යුගය අදාළ වන්නේ කෙසේද? යන්නය.
මාගේ බයිබල් අර්ථකථන සමුළුව ඔබට ආශීර්වාදයක් වනු ඇතයිද පදයෙන් පදය අටුවාවන් ඔබව දෙවියන්වහන්සේට සමීප කරනු ඇතයිද මම විශ්වාස කරමි.

ආචාර්ය බොබ් උට්ලි
බයිබල් අර්ථකථන මහාචාර්ය (විශ්‍රාමලත්)
www.freebiblecommentary.org
www.biblelessonsintl.com
 
Copyright © 2018 Bible Lessons International, P.O. Box 1289, Marshall, TX 75671, USA